අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින්ගේ දීමනා කප්පාදු කෙරේ . . .

විදේශ ගතවීමේදී අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින්ට නිල කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙය රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටද මෙය අදාළ වේ.

ඒ, අනුව එලෙස වියදම් කප්පාදු කිරීම මාර්තු 20 වෙනිදා සිට ක්‍රියාත්මක එරෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාල විදෙස් ගතවීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා ගෙවූ දීමනාව අමෙරිකා ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කෙරෙනු ඇති.

මේ අතර නිල දූත කාර්යන් හෝ වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කරමින් විදෙස් ගත වීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවූ දීමනාව ද අමෙරිකා ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් කළ සියළු දීමනාවන් 30% කින් අඩු කිරීමටද,

රජයේ නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකා ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නියමිතයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වචන හුවමාරුව උණුසුම් වී මෛත්‍රිපාල මාරුවේ . . .

Thu Mar 16 , 2023
පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇතිවූ බහින්බස්වීමකින් වූ උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ආරක්‍ෂක නිලධාරීන්, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. පෙරේදා (14දා) සවස මෙම සිද්ධිය වී තිබේ. පෙරේදා සවස 7.00 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x