මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා සල්ලි දෙනකම් දෙන්න නැහැ . . .

අදාල මුදල් ලබා දෙනතුරු, දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මැතිවරණ කොමිෂන් සභාවට අද (17) දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැතැයිද ඇය පවසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරේ . . .

Fri Mar 17 , 2023
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසිවී යනු ඇති බව වාර්තා වේ. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x