පුංචි ඡන්දෙට නම් දුන් රාජ්‍ය සේවකයන්ට සහනයක් ඉල්ලයි . . .

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්වූ රාජ්‍ය සේවයේ තුන් දහසකට වැඩි පිරිසට සාධාරණ විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කිරීමට මැදිහත් වන්නැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ ගාමිණී වලේබොඩ ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවාගෙන් ඉල්ලා සිටිති.

මෙම රාජ්‍ය සේවකයන්ට වැටුප් අහිමිවීමෙන් ඔවුන්ගේ පවුල් අද අන්ත අසරණ තත්වයට පත්ව සිටින බවද මන්ත්‍රීවරු දෙදෙනා පෙන්වා දෙති.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා නිශ්චිතවම පැවැත්වෙන බවට තහවුරු කළ නොහැකි නම් යම් දිනෙක මැතිවරණය පැවැත්වීමෙන් පසු ගැළපීම් කිරීමට යටත්ව මෙම නිලධාරීන් මෙතෙක් ලැබූ ඒකාබද්ධ වැටුපෙන් සාධාරණ ප්‍රතිශතයක් මාර්තු 9වැනිදා සිට වලංගු වන පරිදි ඉදිරියට ගෙවන ලෙසත් ඔවුන්ගේ වැටුපෙන් අයකර ගන්නා සියලු ආකාරයේ ණය හා පොලී මැතිවරණය පවත්වන දිනය තෙක් තාවකාලිකව අත්හිටුවන ලෙසත් ඔවුහු එම ලිපියෙන් ඉල්ලීමක් කරති.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගාල්ල බන්ධනාගාරයේ බාල දක්‍ෂයින් . . .

Mon Mar 20 , 2023
ගාල්ල බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට රැඳවියන් පිරිසක් බාල දක්ෂයින් ලෙස   පුහුණුකර ඔවුනට පදක්කම් සහ කරපටි පැළඳවිම බන්ධනාගාර අධිකාරි එස්.ආර්.ගලප්පත්තිගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර පරිශ්‍රයේදි සිදු කළේය. එහිදි බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටියේ ලබන 31 වනදින පල්ලේකැලේ එළමහන් සිර කඳවුරේදි පැවැත්වෙන බාල දක්ෂ ජම්බෝරියට සහභාගිවිම සඳහා මෙම බාල දක්ෂ කණ්ඩායම පුහුණු කරනු ලැබු බවයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x