ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක් . . .

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ, ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

“මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මුලික අයිතිවාසිකම්වල තියෙන සියලු කරුණු ඇතුළත් වෙනවා. ඇත්තටම මැතිවරණ නැහැ කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියන එක. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ, අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට කලින්වත් එහෙම නැත්නම් සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය වෙද්දිවත් මේ ඡන්ද විමසීම තියයි කියලා.”

ප්‍රශ්නය – ඔබතුමා තමයි මේ රටේ සාර්ථකවම මැතිවරණ ගණනාවක් පැවැත්වූ සාර්ථකම පුද්ගලයා. ඇයි මේකට සහායක් දීලා කරන්නේ නැත්තේ ?

“එහෙම එකක් නෑ. මම තමා ජගතා, මට විතරයි කරන්න පුළුවන් කියන මතයේ මම නෑ. මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා…”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යාලෙන් මතුවූ කළු කොටියා . . .

Thu Mar 30 , 2023
යාල කැලයේ කලු දිවියකු සිටින බවට පළමු වරට වාර්තා වීමත් සමග මේ වනවිට විශාල පිරිසක් එම සතා දැක බලා ගැනීමට යාල ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඇතැම් අවස්ථාවල සෆාරි ජිප් රථ 100ත් 200ත් අතර ප්‍රමාණයක් එම සතා ගැවසෙන කලාපය වට කොට සිටින බව දැනගන්නට තිබේ. මෙම සතා තවමත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x