ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් . . .

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වන දින සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා එම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරිම සඳහා කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර නව මගී පර්යන්තය නාවික හමුදාවේ සහයෝගයෙන් ඉදිකරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සඳහන් කළේය. මෙම මගී සේවාව ආරම්භ කිරීමත් සමඟම එක් යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකුට පමණ ගමන් කළ හැකි අතර අදාළ ගමනාන්තය සඳහා පැය 4ක කාලයක් වැයවනු ඇත.

මෙහිදී අවධානය යොමුව ඇත්තේ, එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කිරීමට වන අතර, එක් මගියෙකුට කිලෝ 100ක භාණ්ඩ රැගෙන යාමටය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී යාත්‍රා සේවාවට සම්බන්ධ විය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නගරයක් සුන්බුන් ගොඩක් කල "ටොනාඩෝ" . . .

Sun Mar 26 , 2023
අමෙරිකාවේ, මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනාඩෝ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර මුදාගැනීමේ හා සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රාන්ත බලධාරීන් පවසයි. ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් මිසිසිපි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබේ. එම ප්‍රාන්තයට අයත් රෝලින්ග්ෆෝක් නගරය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x