පාස්කු ප්‍රහාරයට අනුබල දුන් කෝටිපතියාගෙන් ප්‍රශ්න කෙරේ . . .

තවුහිද් ජමාද් සංවිධානයේ නායක ‘මොහොමඩ් සහ්රාන්’ ගෙන් හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයකදී අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙක-ු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අද  (27) අවසර ලබා දුන්නේය.

මෙලෙස දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහනුවර පදිංචි ඒ. එස්. අබ්දුල්ලා නැමැත්තාය.

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සදහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉකුත් 21 වැනිදා අත්අඩං-ගුවට ගත් මෙම සැකකරු, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් දින 90ක රැදවුම් නියෝග මත තම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව සැකකරු ලබන ජුනි මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එම කොට්ඨාසයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

  • නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැරෙන්න පෙර ජීවිත හයකට ජීවය දුන් පින්බර දියණිය . . .

Mon Mar 27 , 2023
මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි තවත් කාන්තාවකට කොළඹ ජාතික රෝහලේ දී  බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට  පැවසීය. හදවත් රෝගයකින් හා පෙනහළු ආබාධයකට ලක්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x