කච්චතිව් දූපතේ බුදු පිළිමයක් ඉවත් කරන්නැයි විරෝධතා . . .

කච්චතිව් දූපතේ නාවික හමුදා විසින් තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද‍්‍රන් ඇතුළු පිරිසක් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වී ඇත.

මෙම සිදුවීම පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ නාවික හමුදාව එම දූපතේ කිසිදු අවස්ථාවක බුදු පිළිමයක් ඉදි කර නැති බවයි.

ගොඩබිම සිට නාවික සැතපුම් පනහකට ආසන්න දුරකින් පිහිටි මිනිස් වාසයෙන් තොර කච්චතිව් දූපතේ නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කර ඇති බවත් එම අනුඛණ්ඩය බහුතර සේවක සෙබළ පිරිසක් බෞද්ධාගමිකයන් නිසා ඔවුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඇති බවත් ඔහු පැවසීය.

එම දුපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය හැරුණු කොට වෙනත් කිසිදු ස්ථිර ඉදි කිරීමක් සිදුකර නැති බවද පවසන ඔහු නාවික භටයන් නැවතී සිටින්නේ ද තාවකාලිකව ඉදිකරන ලද නිවාස වල බවත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප් ළඟදීම අත්අඩංගුවට . . .

Fri Mar 31 , 2023
අමෙරිකානු හිටපු ජනාධිපති cළඟදීම අත්අඩංගුවට ගනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තාකර තිබෙනවා. ඒ, ඔහුට එල්ලවූ නවතම අපරාධ චෝදනා හේතුවෙන්. අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහුට එල්ලවී ඇති චෝදනා වන්නේ අසභ්‍ය චිත්‍රපට නිලියක් වෙනුවෙන් මුදල් වැය කිරීමයි. ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල වුවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x