ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය බැසිල්ට . . .

බැසිල් රාජපක්ෂ විසින් කපුටු කූඩුව සකසමින් පිරිස එක් කරගැනීමත්, එමගින් ඉදිරියේ දී ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට හීන දකිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ, රැළියක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා කියා සිටියේ, ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වන පූර්ව සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙතට ද බැසිල් රාජපක්ෂ විසින් පිරිස එක් කර රැස්වන ලෙසට දැනුම්දී ඇති බවයි.

ඒ අනුව බැසිල්ගේ මෙම බලාපොරොත්තුවත් සමගින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට තවදුරටත් ජනාධිපති ධුරය රැක ගැනීමට නම්, අනිවාර්යයෙන්ම පිරිසක් අවශ්‍ය බැවින් මේ වනවිට පිරිස රැස්කර ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේග කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමක් ඇති බවයි වසන්ත සමරසිංහ චෝදනා කරන්නේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හේමා ප්‍රේමදාස නිල නිවෙස ආණ්ඩුවටම බාර දෙයි . . .

Sat Apr 1 , 2023
හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාස තමන්ට මෙතෙක් රජයෙන් ලබාදී තිබූ නිල නිවෙස යළිත් රජයට භාරදීමට කටයුතු කොට ඇත. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී හේමා ප්‍රේමදාස සිය නිල නිවෙස රජයට භාරදී තිබිණි. ව්‍යවස්ථාපිතවම හිටපු ජනාධිපතිවරුන් හට නිල නිවෙසකට හිමිකම් කීමේ අයිතියක් පවතින අතර, ඒ පදනම යටතේ ප්‍රේමදාස පවුලටද නිල නිවෙසක් හිමිව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x