උත්සවය සමයට ඉන්ධන කෝටාව ඉහළට . . .

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දමන බවය.

මීට පෙර සැලසුම් කළ අයුරින් මෙලෙස වැඩිකරන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන ඇනවුම් කර මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

ඒ අනුව ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති ආකාරය පහතින් දැක්වේ.

  • ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා, 
  • යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා, 
  • බස් රථ සඳහා ඉන්ධන ලීටර් 60ක් දක්වා,
  • මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 30ක් දක්වා,
  • ඉඩම් වාහන සඳහා ඉන්ධන ලීටර් 25ක් දක්වා, 
  • ලොරි රථ සඳහා ඉන්ධන ලීටර් 75ක් දක්වා, 
  • විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දමා තිබේ.
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බූරුමූණාට රැකවල් දුන් නීතිඥයාගෙන් ප්‍රශ්න කරයි . . .

Tue Apr 4 , 2023
“බූරුමූණා” නමැති පාතාල ප්‍රබලයාට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සහ ඔහුට රැකවරණය සලසා දුන් බව කියන නීතිඥවරයකුගෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පෙරේදා (02 දා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ඇත. මෙම නීතිඥවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර බූරුමූණා නමැති පාතාල මැරයාට පොලිසියෙන් බේරී සැඟවී සිටීමට ආධාර දුන් බවට චෝදනා එල්ලවී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x