Windows 10 සමුගන්නට සූදානම් . . .

Windows 10 සමුගන්නට සූදානම් හා windows 11 වඩාත් හැඩ වෙමින් සිටී. Windows 10 ක්‍රමයෙන් අවසන් වෙමින් ඇති මෙහෙයුම් පද්ධතියක් වන අතර Microsoft ආයතනය ක්‍රමයෙන් Windows 11 වෙතට භාවිතාකරන්නන් කැඳවා ගැනීමේ උත්සාහය තීව්‍ර කරමින් සිටී.

තවමත් windows 11 වෙතට පැමිනීමට TPM (Trusted Platform Module) 2.0 සමග 4GB RAM හා 64GB storage හැකියාවක් ඔබගේ පරිගණකයෙන් ඉල්ලා සිටීම අනිවාර්ය අවශ්‍යතාවයක්ව තිබේ. මේ වන විටත් සැලසුම්ව ඇත්තේ On 13 June වන විට November 2021 නිකුත්කල Windows 10 වල build 21H2 සංස්කරනය සදහා සහය දැක්වීම අවසන් කරන්නට ය.

මේ අනූව ඉදිරියටත් ඔබගේ windows 10 මෙහෙයුම් පද්ධතිය ආරක්ශිතව හා ඵලදායීව තබා ගන්නට නම් build 22H2 සංස්කරණය වෙතට පිවිසීම අත්‍යාවශ්‍ය වේ. එය පසුගිය ඔක්තෝබරයේ නිකුත් කල minor update මට්ටමට පිලිගැනෙන නිකුතුවකි.

එය Windows 10 සදහා එන අවසන් annual update එක වන අතර October 2025 වලට නියමිත windows 10 සහය අවසන් වනට පෙර ලැබෙන අවසන් ප්‍රධාන යාවත්කාලීනය වනු ඇති බවට බලාපොරොත්තුවේ.

මේ අතර windows 11 ක්‍රමයෙන් භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගනිමින් සිටින මෙහෙයුම් පද්ධතියක් වන අතර Microsoft සමාගම විසින් කලින් කලට නිකුත් කරන ‘Moments’ යාවත්කාලීන පෙල ඔස්සේ වඩ වඩාත් හැඩගන්වමින් සිටින එකකි.

තෙවන ‘Moments’ යාවත්කාලීනය සදහා මේ වන විට එම ආයතනය කටයුතු කරමින් සිටින අතර දියුනු කිරීම් රාශියකින් එය සමන්විත වනු ඇති බවට දැනටමත් තොරතුරු හෙලිවී ඇත.

ඒව අතර two-factor authentication Code සදහා මනා සහයක්, VPN සදහා මිත්‍ර බවක්, මෙන්ම AI දෙසට චලනයක් පිලිබඳව හදාරන්නන් අනුමාන කරමින් සිටී.

  • Pubudu Siriwansa
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනකට මැතිසබය තහනම් . . .

Tue May 23 , 2023
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ  සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක ට අවසර  නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. ඒ බව ජනක රත්නායක ට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x