ජනකට මැතිසබය තහනම් . . .

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ  සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක ට අවසර  නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

ඒ බව ජනක රත්නායක ට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

තමාට එරෙහිව පැවැත්වෙන විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ පුතුන් දෙදෙනාටත් අවසර ලබාදෙන ලෙස  ජනක රත්නායක පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන්  පසුගියදා ඉල්ලීමක් කළේය.

විවාදය පාර්ලිමේන්තුවට පැමිණ දැක බලා ගැනීම සඳහා අවසර නොලැබීම නිසා යූ ටියුබ් හරහා විවාදය නරඹන බව ජනක රත්නායක පැවසීය.

ජනක රත්නායක  මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය හෙට (24) දවස පුරා පැවැත්වේ. යෝජනාව  පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

"කොම්පඤ්ඤ වීදිය" කැබිනට් මණ්ඩලයට . . .

Tue May 23 , 2023
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන් එලෙසම හැඳින්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව කොම්පඤ්ඤ වීදිය ග්‍රාම  නිලධාරී වසම සිංහල භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන්  slave IsLand  ලෙසත් දෙමළ භාෂාවෙන්  ஸ்லேவ் ஐலண்ட் ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x