කලහකාරී ලෙස හැසිරුනුු ඩයනා ගමගේ . . .

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ දී කලහකාරී ලෙස හැසිරී එහි කටයුතුවලට බාධා කලේ යයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ එම කාරක සභාවෙන් එළියට යැවීමට එම කාරක සභාවේ සභාපති අධිකරණ බන්ධනාගාර ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ දිනයේ පියවර ගෙන ඇත.

මෙම කාරක සභාව 04 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර හිටපු ඇමති ඇමැති චන්දිම වීරක්කොඩි තම අදහස් පළ කිරීමට නැගී සිටීමත් සමඟ ඔහුගේ කතාවට බාධා කරමින් ඩයනා ගමගේ ඇමතිවරිය ඔහුට චෝදනා කිරීමට පටන් ගැනීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්වය උද්ගතව ඇත.

මෙම කාරක සභාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම එය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ව ම තුන් රැසක් සහභාගි වී සිට ඇත.

“මේ ගොල්ලෝ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ පරක්කු වෙලා ඇවිල්ල තව කියවන්නත් එනවා”යැයි කියමින් ඩයනා ගමගේ ඇමතිවරිය චන්දිම වීරක්කොඩි හිටපු ඇමතිවරයාට දෝෂාරෝපණය කිරීමට පටන් ගෙන ඇත.

එම අවස්ථාවේ කාරක සභාවේ සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා මෙම වැදගත් කාරක සභාවේ විනය ආරක්ෂා කර කළ යුතු බවත් චන්දිම වීරක්කොඩි ඇමතිවරයාට අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඇමතිවරිය ද අවවාද කරමින් පවසා ඇත.

මූලාසනයේ ඉල්ලීම නොතකා ඇය දිගින් දිගටම එලෙස හැසිරී ඇති අතර අනතුරුව ඇමති ඇමැති විජයදාස රාජපක්ෂ  ඇයට එළියට යන ලෙසට දැනුම් දී ඇති බව එම කාරකසභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කාරක සභාවට ඇමති රමේෂ් පතිරණ රවුෆ් හකීම් අනුර ප්‍රියදර්ශන යාපා මහාචාර්ය චරිත හේරත් සීතා අරඹේපොල ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වී සිට ඇත.

– Repoter

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය ඇමතිකම බලා සිටින රාජිත . . .

Wed Apr 5 , 2023
ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය. මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි. එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x