සෞඛ්‍ය ඇමතිකම බලා සිටින රාජිත . . .

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි. එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය ඇමති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්, 2015 විපක්ෂ නායක තුමා පළමු වරට ඇමති වන්නේ, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව හින්දා අපේ පිල්මාරුව හින්ද තමයි, නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ,

ඒ වගේ කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය බලලා, ඒක හින්ද තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ. සමහර කට්ටියට පේනවා ඇති ඒක ගත්තේ මුදල්වලට කියලා. මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිනට කල රූපවාහිනී වැඩසටහන් . . .

Wed Apr 5 , 2023
ගාස්තු අය කිරීමකින් තොරව වැඩසටහන් 80 ක්  විකාශනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී  අහිමිව ගොස්  ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. මෙම වැඩසටහන් වෙනුවෙන්   පැය 119 කට වැඩි ගුවන් කාලයක් වැය කර තිබූ බවද එම වාර්තාවේ දැක්වේ. මේ අතර රූපවාහිනී සංස්ථාවේ  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x