අප්‍රේල් 14 වන දිනට යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. නමුත් සුරාබදු රාබි 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල් වල […]

යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස  සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක  ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ . මොහු 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකි […]

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී ‘ලිස්සන ගස’ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එමගින් අනතුරක් සිදු වූයේ නම් එහි වගකීම උත්සවයේ සංවිධායක මණ්ඩලයට මුළුමනින්ම පැවරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය. ලිස්සන ගස් සවි කිරීමේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය කළ යුතු අතර, ලිස්සන ගසක් කඩා වැටී යම් […]

ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මං තීර වෙන්කරන මැද පිහිටි බැම්මෙහි ගැටී අද (07) සවස සිදු වූ අනතුරින් මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇතැයි කොල්ලුපිටිය පොලීසිය පවසයි . ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මෝටර් රථයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.