ඉරාක පිය-පුතු පිටුවහල් කරයි . . .

යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස  සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක  ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ .

මොහු 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකි . ඔහු  අද (07) අලුයම 01.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එහිදී ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පිවිස ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳව ඇති වූ සැකය මත මෙම ලියකියවිලි කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට එහි සේවය කළ ප්‍රධාන  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා  පියවර ගෙන තිබේ. ඒ අනුව සිදු කළ විමර්ශන වලදී එම ගුවන් ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුව , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය විය .

පසුව මෙම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සමග ඔහුගේ පියා ද පැමිණ සිටින බව ද පවසා සිටි හෙයින් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඩුබායි බලා පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්.එල්.කළුබෝවිලගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී පී.පී.ඩී.මුණසිංහ මේ සදහා අවශ්‍ය රාජකාරීමය කටයුතු සිදු කර තිබේ .

මේ ආකාරයටම පසුගිය සතිය තුළ ඉරාක ජාතිකයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ යුරෝපය වෙත පළා යෑමට තැත් කිරීමේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවුරුදු දා සුරාසල් විවෘතව තැබෙන තැන් . . .

Fri Apr 7 , 2023
අප්‍රේල් 14 වන දිනට යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. නමුත් සුරාබදු රාබි 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල් වල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x