ගෝඨාභය දුන් රැකියා වලට රතු එළියක් . . .

රැකියා ප්‍රශ්නයට විසඳුමක් දීමට පසුගිය රජය මගින් තිස් අටදහසක (38000) ශ්‍රම බලකායක් එක්කර ගැනීමෙන් ඇරැඹූ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව 2020 දෙසැම්බර් 19 වැනිදා මෙම දෙපාර්තමේන්තුව අරඹන්නේ ලක්ෂයක ශ්‍රම බලකායක් ඉලක්ක කරගෙනයි.

අවම අධ්‍යාපන සුදුසුකම් සහිත ලක්ෂයක්(100000) තෝරාගෙන විධිමත් වෘත්තිය පුහුණුවක් ලබා දී ඔවුන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රාථමික ගණයේ පුරප්පාඩුවල සේවා අවශ්‍යතා ඉටුකරදීමට බඳවා ගැණුනා. මෙහිදී බඳවාගත් පිරිස් අතරින් අමාත්‍යාංශවල ඇති පුරප්පාඩු මත දුම්රිය දෙපාර්තමේන්තුවට තුන්දහසක් (3000) බඳවාගැනීමට තීරණය කළ අතර ඉතිරි පිරිස මුරකරු හා කම්කරු යන තනතුරු යටතේ පළාත් සභාවල පුරප්පාඩුවලට යොමු කිරීමට මේ වන විට සම්මුඛ පරීක්ෂණ ඇරැඹී ඇතැයි පැවසේ.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ, දෙපාර්තමේන්තුව විසුරුවා හැරීම හමුවේ එහි ඉහළ නිලධාරීන්ගේ සිට පහළම සේවකයන් දක්වා දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්ද පැන නැගී ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම ගැලවේ . . .

Sun Apr 9 , 2023
ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වීමේ පුවතක් වාර්තා වනවා. දුම්රිය බලධාරීන් සඳහන් කළේ, උතුරු කළුතර සහ නොම්මර 01ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී එම සිදුවීම අද (09) උදෑසන සිදුව ඇති බවයි. දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x