ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම ගැලවේ . . .

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වීමේ පුවතක් වාර්තා වනවා.

දුම්රිය බලධාරීන් සඳහන් කළේ, උතුරු කළුතර සහ නොම්මර 01ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී එම සිදුවීම අද (09) උදෑසන සිදුව ඇති බවයි. දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ. නියාමක මැදිරියේ කප්ලිමට ඉහළින් දුම්රිය එන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බවයි.

සමුද්‍රදේවි දුම්රියේ උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් ගැලවී ධාවනය වන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිලිත් ජයවීර මීළඟ ජනාධිපතිවරණයට . . .

Sun Apr 9 , 2023
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග වදිනු ඇති බව මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ. සමාජ මාධ්‍යන්හිද කලක සිටම මේ සම්බන්ධයෙන් වාර්තා පළ වන්නේ ඔහු විසින් සිදු කරන විවිධ සමාජ සේවා කාර්යන්ද ඒ සදහා වන බව පවසමිනි. මීළග ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x