අඩු ආදායම්ලාභීන්ට ස්ථීර නිවාස . . .

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථීර නිවසක් නොමැති අඩුආදායම් ලාභීන් වෙනුවෙන්  “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට 50%ක පමණ වැඩ අවසන්ව ඇති බව පවසනවා.

ඒ අනුව, 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණ බවයි ඔවුන් සඳහන් කරන්නේ. මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නිවාස 1,215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇත. එමෙන්ම මිනුවන්ගොඩ ආසනය තුළ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ.

මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන්කර ඇතිබව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට ද මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ යටතේ ග්‍රාමසේවා වසම් 14,022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වර්ධනයක් . . .

Mon Apr 10 , 2023
අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. එමෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන් ද තමන් අතට පත්වන මුදල් නෝට්ටු පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x