රට පුරා සරම්ප එන්නත්කරණ වැඩසටහනක් . . .

වයස මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනක් ජනවාරි මස 20 සහ 21 දිනවලදී රට පුරා පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙතෙක් එන්නත් ලබානොගත් සියලු ම කාණ්ඩවල දරුවන්ට සෑම දිස්ත්‍රික්කයක ම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලින් එම එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යංශය මවුපියන්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය දිනවල පැවැත්වුණු සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සක්‍රිය මට්ටමට ගෙන ඒම සඳහා එළඹෙන 20 සහ 21 දෙදින තුළදී වයස මාස 9 සහ අවුරුදු 15 වයස් කාණ්ඩයේ දරුවන් සඳහා සරම්ප එන්නත් කිරීමේ වැඩසටහනක් දිවයිනේ සියලු ම දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. අර්නල් මාධ්‍යයට පැවසීය.

පසුගිය විශේෂ එන්නත්කරණ වැඩසටහන්වලදී මාස 6-9 කාණ්ඩවල පසුවන දරුවන්ට මේවන තෙක් එන්නත ලබා දීමට කටයුතු නොකළ මවුපියන්ට ද 20 සහ 21 දිනවලදී එන්නත් කර ගැනීමට පැමිණිය හැකි බව ඔහු කීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොල් මිල විශාල ලෙස ඉහළට . . .

Thu Jan 18 , 2024
දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි. පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ. පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා පැතිරුණු 1500mm පමණ වර්ෂාපතනයක් සහ සෙල්සියස් අංශක 28 පමණ උෂ්ණත්වයක් අවශ්‍ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. එහෙත් පසුගිය මාස කිහිපයේ ඇතැම් ප්‍රදේශ වලට අධික වැසි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x