චීනයෙන් දෙවුන්දර තුඩුවට රේඩාර් මධ්‍යස්ථානයක් . . .

චීනය විසින් මෙරට දෙවුන්දර තුඩුවේ රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. ඒ, ඉන්දියන් සාගරයේ ඉන්දීය නාවික හමුදාවේ ක්‍රියාකාරකම් සහ දකුණු ඉන්දියාවේ මර්මස්ථාන පිළිබඳ තොරතුරු ලබාගැනීමටයි.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් අද (10) දිනය තුළ නිවේදනයක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කර ඇත්තේ. එමෙන්ම අදාළ රේඩාර් මධ්‍යස්ථානය මගින් දකුණු ඉන්දියාවේ පිහිටි කුඩන්කුලම් සහ කල්පක්කම් න්‍යෂ්ටික බලාගාර ඇතුළු දකුණු ඉන්දීය උපාය මාර්ගික මර්මස්ථානවල තොරතුරු ලබාගැනීමට චීනයට හැකිවනු ඇති බවද අදාළ පුවත්පත් වාර්තාව සඳහන් කරන්නේ.

අන්දමන් සහ නිකෝබාර් දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාන්ත්‍රා එම යෝජිත රේඩාර් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ පථයට ග්‍රහණය වන බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව මෙම රේඩාර් මධ්‍යස්ථානය පිහිටවනු ලැබුවහොත් කලාපයේ ඉන්දීය ක්‍රමෝපාය අභිලාෂයන් මෙන්ම දකුණු ඉන්දියාවේ වැදගත් මර්මස්ථානවල තොරතුරු අවදානමකට ලක්වන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍යවරියකගේ දුරකථනයට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ යවපු අමුතුම පුද්ගලයා . . .

Mon Apr 10 , 2023
නිට්ටඹුව, වතුපිටිවල රෝහලේ සේවයේ නියුතු විවාහක වෛද්‍යවරිකගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවන ලද සැකකරුවෙක් ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කර තිබෙනවා. ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය විසින් පසුගියදා මෙම තීන්දුව ලබාදී ඇත. සැකකරුව රාගම ශික්‍ෂණ රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x