කොවිඩ් යළි එසවීමේ අවදානමක් . . .

ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු නමුත් විශේෂඥයින් ඉල්ලා සිට ඇත්තේ, රෝගය තවදුරටත් පැතිරීම නැවැත්වීමට ප්‍රවේශම් විය යුතු බව ය.

2021 වසරේදී ඉන්දියාව මාරාන්තික කොව්ඩ් දෙවන රැල්ලකට මුහුණ දුන් අතර බොහෝ රෝහල්වල ඔක්සිජන් සහ දැඩි සත්කාර ඇඳන් නොමැති වීම හේතුවෙන් රජය විවිධ විවේචනවලට මුහුණ දුන්නේ ය. අප්‍රේල් 9 දිනයේ එරටින් කොව්ඩ් රෝගීන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ එදින වන විට රට තුළ සිටි සක්‍රිය රෝගීන් ගණන 35,000ක් වූ බව ය.

ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන XBB.1.16 හේතුවෙන් මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි එම වාර්තා පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ, මෙම උප ප්‍රභේදය සම්බන්ධයෙන් මෙන් ම එය ඉන්දියාවේ පැතිර යන ආකාරය ගැන තම සංවිධානය අවධානයෙන් පසුවන බව ය.

කෙසේ වෙතත්, එම ප්‍රභේදය මාරාන්තික බවට හඳුනා ගෙන නොමැති බව විශේෂඥයින් ප්‍රකාශ කර ඇත.

පසු ගිය සති කිහිපය තුළ ඉන්දියාවේ නගර රැසක කොවිඩ් රෝගීන් වාර්තා වීම තියුණු ලෙස ඉහළ ගොස් තිබුණ ද ඒ හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කෙරෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උත්සව සමයේ රසකැවිලි මිල ඉහළට . . .

Tue Apr 11 , 2023
උත්සව සමයත් සමග වෙ‌ළෙදපලෙහි රසකැවිලි මිල ගණන් ඉහළ ගොස් ඇත. රසකැවිලි නිෂ්පාදකයින් සදහන් කළේ කැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුව බවයි. ඒ අනුව පෙර වසරවල රුපියල් 40ත් 60ත් අතර මිලකට අලෙවි වූ කැවුමක මිල මේ වන විට රුපියල් 60ත් 100ත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x