මත්පැන් අලෙවිය ඉහළට . . .

පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහත වැටී තිබිණි.

ඒත් අවුරුදු සමයේ දී එය 20%කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අප්‍රේල් මාසයේ ගෙවුණු සතියේ සිට මෙසේ මත්පැන් අලෙවියේ ඉහළ යෑමක් සිදු වී තිබේ.

මත්පැන් මිල අඩු කිරීමේ අරමුණින් සුරා බද්ද රුපියල් 2000කින් අඩුකරන ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නද එම ඉල්ලීම මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අලුත් අවුරුදු සමයේ දී මත්පැන් මිල අඩුවෙතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටි නමුත් මත්පැන් මිල අඩු නොවුණද අලෙවිය ඉහළ ගොස් තිබේ. මත්පැන් අලෙවිය පහත වැටී තිබීම නිසා නිෂ්පාදන කළ එතනෝල් ලීටර් ලක්ෂ අසූවක්ද පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල ගබඩා කර ඇත.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මීළඟ නායකයා සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ තුළ බෙදීමක් . . .

Sat Apr 15 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ නායකත්වය සඳහා දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පක්ෂ නායකත්වය සඳහා එසේ නම් යෝජනා වී ඇති බවද වාර්තාව කියා සිටී. බැසිල් රාජපක්ෂ මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x