රිලව් අල්ලන්න දුරස්ථ පාලක කූඩුවක් . . .

වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිලවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා කවර පියවරකට වුවත් උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීමට පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විවේචන එල්ල කළත් තම වගා බිම්වලට රිලවුන් ඇතුළු අනෙකුත් සතුන් කරන හානියට ඔවුන් සතුව විසඳුම් නැති බවත් ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

කෙසේ වුවද චීනය විසින් රිලවුන් සත්වෝද්‍යාන වලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට ද සැලසුම් කර ඇත. එම කූඩු භාවිතා කිරීම සඳහා රිලවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පූහුණුවක් ලබා දීමට ද නියමිතය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චීනයට පළමු තොගය කෑගල්ලෙන් . . .

Sun Apr 16 , 2023
රිලව් ලක්ෂයක් චීනයට ගෙන යාමේදී ඉන් වැඩි කොටසක් කෑගල්ල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලෙස එහි ගොවි සංවිධාන නියෝජිතයන් ඉල්ලා සිටිති. ජනගහනය ලක්ෂ අටක් පමණ පිරිසක් සිටින එම දිස්ත්‍රික්කයේ රිලව් පමණක් ලක්ෂයට වැඩියෙන් සිටින බව මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත. මෙම සංඛ්‍යා ලේඛන මෑතකදී කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීද හෙළිදරව් කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x