අධිවේගයේ ආදායම මිලියන 35ක් . . .

ගතවූ දිනය තුළ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස් වීරකෝන් පැවසුවේ ඊයේ (15) මධ්‍යම රාත්‍රී 12 දක්වා වූ පැය 24ක කාලය තුළ අධිවේගි මාර්ගවලින් පිටවී ඇති රථවාහන සංඛ්‍යාව 126,760ක් වන බවය. ඒ අනුව, එම කාලය තුළ උපයා ඇති ආදායම රුපියල් 34,974,100ක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

සාමාන්‍ය දිනවල රථවාහන 90,000ක් පමණ අධිවේගී මාර්ග භාවිත කරන අතර දෛනික ආදායම රුපියල් මිලියන 25ක් පමණ වන බව සඳහන්ය.

මේ අතර පෙර වර්ෂවල අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙම වර්ෂයේ රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස් වීරකෝන් පැවසීය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රිලව් අල්ලන්න දුරස්ථ පාලක කූඩුවක් . . .

Sun Apr 16 , 2023
වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිලවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා කවර පියවරකට වුවත් උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත. චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීමට පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විවේචන එල්ල කළත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x