අප්‍රේල් 21 කොච්චිකඩේ සිට කටුවපිටියට ජන පවුරක් . . .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජන පවුරක් සකස් කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

ඒ අනුව යුක්තිය ඉල්ලා එළඹෙන සිකුරාදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව කොළඹ අගරදගුරු හිමියෝ පවසති.

අප්‍රේල් 21 උදේ 8.00 සිට පෙරවරු 9.00 දක්වා කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා කොළඹ මීගමු මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කරන බවත් පෙරවරු 8.45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කටයුතු කරන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගාලු මුවදොර පිටිය ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණි . . .

Tue Apr 18 , 2023
මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර මේ වන විට සිදු කර සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 220ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x