ගර්භාෂ දෙකක් හිමි කාන්තා­වක් නිවුන් දැරි­යන් බිහි කරයි . . .

ලොව කාන්තාවන්ගෙන් 0.3% කට පමණක් පිහිටීමේ හැකියාව ඇතැයි කියන දුර්ලභ ද්විත්ව ගර්භාෂ හිමි අමෙරිකානු කාන්තාවක් පසුගියදා නිවුන් දියණියන් ප්‍රසූත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි කෙල්සි හැචර් නමැති මේ කාන්තාවගේ ගර්භාෂ දෙකෙහිම දරු පිළිසිඳ ගැනීම් සිදු වී තිබූ බවත්, පසුගියදා ඇලබාමා හි රෝහලක ප්‍රසූතිකාගාරයේදී පැය 20කට අධික කාලයක් තුළ පූර්ණ සෞඛ්‍ය සම්පන්න දරු දෙදෙනා බිහි කළ බව වැඩිදුරටත් වාර්තා වේ. නිවුන් දැරියන් වුවද ඔවුන්ගේ උපන්දින දින දෙකකට අයත් බව ද වාර්තා වේ. එක් දැරියක් පසුගිය අඟහරුවාදා රාත්‍රී 7.49ට ද, අනෙක් දැරිය බදාදා අලුයම 6.09ට මෙලොවට බිහි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මීට පෙර දරුවන් තිදෙනකුගේ මවක වූ කෙල්සි ද්විත්ව ගර්භාෂ සහිත කාන්තාවක බව හඳුනාගෙන ඇත්තේ අවුරුදු 17දී වන අතර, එවැනි කාන්තාවකගේ ගර්භාෂ දෙකෙහිම එක්වර දරුවන් පිළිසිඳ ගැනීමේ සම්භාවිතාව මිලියනයකින් එකක් පමණක් සිදුවිය හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

මීට පෙර 2019දී බංග්ලාදේශයේ මෙවැනි දුර්ලභ ද්විත්ව ගර්භාෂ සහිත කාන්තාවකගේ එක් ගර්භාෂයකින් දරුවකු බිහි වී දින 25කට පසු අනෙක් ගර්භාෂයෙන් තවත් දරුවකු බිහි වී තිබිණි. ඔවුන් ද නිවුන් දරුවන් ලෙස හඳුන්වනු ලැබූ බව ද සඳහන් වේ.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

CID නිලධාරීන් කෙහෙළියගේ නිවසට යයි . . .

Tue Dec 26 , 2023
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වනවිට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ මේ වනවිටත් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවය. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ය. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x