ලොව කාන්තාවන්ගෙන් 0.3% කට පමණක් පිහිටීමේ හැකියාව ඇතැයි කියන දුර්ලභ ද්විත්ව ගර්භාෂ හිමි අමෙරිකානු කාන්තාවක් පසුගියදා නිවුන් දියණියන් ප්‍රසූත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි කෙල්සි හැචර් නමැති මේ කාන්තාවගේ ගර්භාෂ දෙකෙහිම දරු පිළිසිඳ ගැනීම් සිදු වී තිබූ බවත්, පසුගියදා ඇලබාමා හි රෝහලක ප්‍රසූතිකාගාරයේදී පැය […]

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීර මධ්‍යයේ පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගොස් ඇත. ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි. කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවමෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් […]

මීගමුව ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගෙයට සීල් තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. එම හෝටලයට නඩු තුනක් පවරා ඇති අතර ඒවා ලබන ජනවාරි මස 02දා කැඳවීමට නියමිතව ඇත. අදාළ හෝටලයේ මුළුතැන් ගෙය ඉතාමත් අපිරිසුදු තත්ත්වයක පැවති ඇති අතර ආහාර ගබඩා කර තිබී ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරව බවත් වාර්තා කර […]

මීගහවත්ත පොලිස් වසමට අයත් සියඹලාපේ උතුර දික්වල දළුක්කැලේවත්ත ප්‍රදේශයේ ඊයේ (24) වැටලූ බව මීගහවත්ත පොලිසිය පවසයි. නිවසක නාන කාමරයක් තුළ භුගතව  තිබූ නීති විරෝධී කසිප්පු  ස්කාගාරයක් වටලා ගෝඩා ස්ප්‍රීතු මිලි ලීටර්  විසිහතර ලක්ෂ දාහත්දාහක්  සමග ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. නිවසේ නාන කාමරයේ මතුපිට කොන්ක්‍රීට් තටිිටුවට යටින් පොලව යට වලදමා […]

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ගුවන් මඟින් මෙරටට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. බහුදින ධීවර යාත්‍රාවලින් පසුගිය දෙසැම්බර් මස 07 වන දින සංක්‍රමණය වු පුද්ගලයින් 7 ක්, 2022 වසරේ අගෝස්තු මස […]

රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපුවා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඒ මහතාගේ දියණියන් දෙදෙනකු සහ මුනුපුරකු පෙරේදා (23) පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි කතරගම පොලිසිය පවසයි. තම පියාගේ අතුරුදන්වීමට අඹුසැමි යුවළක් සම්බන්ධ බවට එම පැමිණිලිවල සඳහන් කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. එම අඹුසැමි යුවළ පවුලේ […]

ගාසා තිරයේ වැසියන්ට ශ්‍රී ලංකාව විසින් තේ කිලෝග්‍රෑම් දහසක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. එම ආධාර තොගය සවුදි අරාබි ආණ්ඩුව හරහා ගාසා තීරය වෙත යැවීමට කටයුතු සූදානම් කර තිබේ. එම පරිත්‍යාගය ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදුකරනු ලබයි. ශ‍්‍රී ලංකන් ගුවන් විසින් සවුදි අරාබියේ රියාදු නුවර වෙත මෙම තොගය නුදුරේදීම […]

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය තුළ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනකු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරමක් සිදු කරගෙන යන බවත් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ . දංගොල්ලේ කුඩු නයනා නමැති ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කාරියක අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබාගත් රැඳවුම් […]

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන නත්තල් දිනයේදී ලොවම උත්සව අසිරියෙන් බැබළෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව විවිධ රටවල් සංකේතවත් කරන කුලුනු, ස්මාරක සහ ගොඩනැඟිලි නත්තල් සැරසිලි හා විදුලි ආලෝක සැරසිලි අසිරියෙන් සතියක කාලයක සිට බැබළෙන අතර, මැදපෙරදිග රටවල් ද නත්තල සැමරීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ […]

මෙවර ශ්‍රිපාද වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිම අද ආරම්භ විණි. ශ්‍රිපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පෙරහර ගමන් ආරම්භ කිරීමට පෙර   ආගමික චාරිත්‍ර ඉටු කළ අවස්ථාව . පැල්මඩුල්ල රාජ මහා විහාරස්ථානයේ චුලා හස්ථියා සිරිපා ආරම්භ කරමින් දේව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.