නාන කාමරේ ගජරාමෙට පැවැත් වූ ස්කාගාරය . . .

මීගහවත්ත පොලිස් වසමට අයත් සියඹලාපේ උතුර දික්වල දළුක්කැලේවත්ත ප්‍රදේශයේ ඊයේ (24) වැටලූ බව මීගහවත්ත පොලිසිය පවසයි.

නිවසක නාන කාමරයක් තුළ භුගතව  තිබූ නීති විරෝධී කසිප්පු  ස්කාගාරයක් වටලා ගෝඩා ස්ප්‍රීතු මිලි ලීටර්  විසිහතර ලක්ෂ දාහත්දාහක්  සමග ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නිවසේ නාන කාමරයේ මතුපිට කොන්ක්‍රීට් තටිිටුවට යටින් පොලව යට වලදමා තිබූ ගෝඩා සහිත බැරල් වලට පිටතට නොපෙන අයුරින් කුඩා සිදුරැ තුනක් මගින් බටදමා  නීති විරෝධී කසිප්පු පෙරීම සදහා උපයෝගි කරගන්නා ගෝඩා ස්ප්‍රීතු ලබාගෙන ඇති බව පොලීසිය පවසයි .

පොඩි ලාල් නමින් හදුන්වන පුද්ගලයෙකු විසින් සිය බිරිදවද දැනුවත්ව කලක සිට මෙම භුගත හොර මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි .

මෙහිදී ගෝඩා බැරල් 06ක් ගෑස් ලිපක් ගෑස් ටංකියක් ඇතුළු පෙරීමට අදාළ  උපකරණ  පොලිසිය විසින් සොයාගෙන ඇත . මෙහිදී   පෙරීමට ලක් කරන හොර කසිප්පු  කඩවත කිරිබත්ගොඩ  හා බියගම වෙළද කලාපය අවට ප්‍රදේශ වලට බෙදාහැර ඇතැයිද පොලිසිය පවසයි .

අත්අඩංගුවට පත් සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තරු පහේ හෝටලයක මුළුතැන්ගෙට සීල් තියයි . . .

Mon Dec 25 , 2023
මීගමුව ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගෙයට සීල් තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. එම හෝටලයට නඩු තුනක් පවරා ඇති අතර ඒවා ලබන ජනවාරි මස 02දා කැඳවීමට නියමිතව ඇත. අදාළ හෝටලයේ මුළුතැන් ගෙය ඉතාමත් අපිරිසුදු තත්ත්වයක පැවති ඇති අතර ආහාර ගබඩා කර තිබී ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරව බවත් වාර්තා කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x