නත්තල් අසි­රි­යෙන් ලොව බැබ­ළෙයි . . .

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන නත්තල් දිනයේදී ලොවම උත්සව අසිරියෙන් බැබළෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව විවිධ රටවල් සංකේතවත් කරන කුලුනු, ස්මාරක සහ ගොඩනැඟිලි නත්තල් සැරසිලි හා විදුලි ආලෝක සැරසිලි අසිරියෙන් සතියක කාලයක සිට බැබළෙන අතර, මැදපෙරදිග රටවල් ද නත්තල සැමරීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5ට නවසීලන්තයට මුලින්ම නත්තල උදා විය. පසුගිය වසරේ නත්තල උදා වන විට රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් උත්සන්න වී තිබූ අතර, මෙවර නත්තල උදාවන්නේ යුක්රේන යුද අරගලයට අමතරව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයද පවතින මොහොතකදීය.

සියලු ආර්ථික හා මානසික පීඩාවන් යටපත් කරමින් ලොව පුරා සියලු ජනතාව එක්ව නත්තල් අසිරිය විඳ ගැනීම මෙවර නත්තලේදී කැපී පෙනෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුඩු බොන බන්ධානාගර නිලධාරීන් . . .

Mon Dec 25 , 2023
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය තුළ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනකු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරමක් සිදු කරගෙන යන බවත් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ . දංගොල්ලේ කුඩු නයනා නමැති ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කාරියක අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබාගත් රැඳවුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x