ලබන අවුරුද්දේ ධන බද්දක් . . .

මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.

මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ.

දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ. දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයවැයට පෙර කැබිනට්ටුවේ වෙනසක් . . .

Sat Oct 28 , 2023
කැබිනට් මණ්ඩලය  අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය  ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද  සඳහන් කළේය. අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා  රජයට දැනටමත් යෝජනා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x