කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම  සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ඇතුළත්  ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය. ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ නොසතුටෙන් පසුවන බව වාර්තා වෙයි. ඔහු පෙන්වා දී ඇත්තේ පොදු ජන පෙරමුණේ නාමලේඛනයට අමාත්‍ය ධුර ලබා නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමැතිධූර වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය […]

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය […]

මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදීය. සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මෙම සැසියේ දී යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 120ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත. ශ්‍රී ලංකාව මේ සඳහා පක්ෂව සහාය ලබා දී […]

කැබිනට් මණ්ඩලය  අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය  ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද  සඳහන් කළේය. අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා  රජයට දැනටමත් යෝජනා […]

මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ. එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ. මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන […]

පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද කරන 2024 අය-වැය විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා වනවා. දෙවැනි වර කියැවීමේදී අයවැය පරාජයට පත් නොකර කාරක සභා අවස්ථාවේ අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.