පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් . . .

පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද කරන 2024 අය-වැය විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා වනවා.

දෙවැනි වර කියැවීමේදී අයවැය පරාජයට පත් නොකර කාරක සභා අවස්ථාවේ අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කළහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු පිරිසක් රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් හා අමාත්‍යධූර දරන කිහිපදෙනෙකු අතර යම් යම් මත ගැටුම් පවතින බැවින් මෙම සූදානම ඇතිවී තිබෙන බව වාර්තා වේ.

2024 සඳහා වන අයවැය නොවැම්බර 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලබන අවුරුද්දේ ධන බද්දක් . . .

Sat Oct 28 , 2023
මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ. එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ. මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x