මානූෂීය සටන් විරාම යෝජනාව සම්මතයි . . .

මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.

ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදීය.

සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මෙම සැසියේ දී යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 120ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත.

ශ්‍රී ලංකාව මේ සඳහා පක්ෂව සහාය ලබා දී අති අතර රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබේ.

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

මෙහිදී ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගිලාඩ් එර්ඩන් ඔක්තෝබර් 07වැනිදා හැඳින්වූයේ “අපකීර්තියට පත්වන දිනයක්” යනුවෙනි. හමාස් විනාශ කිරීමට ඇති එකම මාර්ගය වන්නේ ඔවුන්ගේ උමං මාර්ගවලින් සහ භීෂණයේ භූගත නගරයෙන් ඔවුන් මුලිනුපුටා දැමීම බව ඔහු පැවසීය.

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් 1400ක් පමණ මිය ගොස් ඇති අතර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගාසා තීරයේ තීව්‍ර වන මරණ සංඛ්‍යාව සහ විනාශය, ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා “මානුෂීය සටන් විරාම” සඳහා ජාත්‍යන්තර සහයෝගය ඉහළ නංවා ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ගැන හදිසි තීරණයක් . . .

Sat Oct 28 , 2023
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x