ගාලු මුවදොර පිටිය ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණි . . .

මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර මේ වන විට සිදු කර සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 220ක් පමණ වැය කර ඇත. එමෙන් ම, පසුගිය අරගල කාලසීමාව තුළ දී එම ප්‍රදේශයේ සිදුව තිබූ දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබේ.

මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වා ගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක් රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වා ගෙන යාමට අපහසු වී ඇතැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු සඳහන් වී ඇත.

එබැවින්, අප්‍රේල් 20 වන දා සිට බල පැවැත්වෙන පරිදි ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා එම පිටිය භාවිත කිරීමට අවසර ලබා නොදීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

  • Tharaka Samman
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අප්‍රේල් 25 උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් . . .

Tue Apr 18 , 2023
අප්‍රේල් (25) වන දා, දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්ව වලට ලබා දීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව, පුරා විද්‍යා නටබුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x