කූට ලේඛණ සකසා සිසුවියන් 17ක් පාසලට ඇතුළත් කරලා . . .

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති සඳහා කූට ලේඛණ සකසා සිසුවියන් 17 හත්දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත්කොට තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්. යු. ප්‍රේමතිලක ගේ ලිපි ශීර්ෂ අත්සන සහ දින මුද්‍රා ව්‍යාජ ලෙස යොදමින් චක්‍රලේඛවලට පටහැනිව හා කූඨ ලේඛණ උපයෝගී කරගනිමින් එම සිසුවියන් පාසලට ඇතුළත් කරගෙන ඇති බවට අනාවරණය වී තිබූ අතර අදාල මවුපියන්ගේ ලිපිනයන් පවා ව්‍යාජ ඒවා බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණි .

මෙම වංචාව පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සඳහා විමර්ශන නිලධාරීන් තිදෙනකු හා මධ්‍යම පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ .

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දැනුම් දී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක් සඳහා ළමුන් ඇතුළත් කර ගන්නා ලෙස සහතික කරමින් කිසිදු ලිපියක් නිකුත් කොට නොමැති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත්ය .

  • ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙද විද්‍යාල වසා දැමීමට සිදුවෙයි . . .

Wed Apr 19 , 2023
දෙදහස් දහඅට වසරේ (2018) සිට හෙද විද්‍යාල සඳහා සිසුන් පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීම හේතුවෙන් හෙද විද්‍යාල වසා දැමීමට සිදුවන බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරනවා. පසුගිය වර්ෂ හතරක කාලයක් තුළ උසස්පෙළ විභාගයට පෙනි සිට හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් බඳවා ගැනීමට මෙතෙක් පියවර ගෙන නොමැති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x