ජාතික අක්‍ෂි රෝහලේ සැත්කම් යළි ඇරඹේ . . .

තාවකාලිකව නවතා තිබු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අද (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගැනුණා.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ  පැවසුවේ, සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට ඇති අතර එම රෝහලේ සැත්කම් කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බවයි.

“ජාතික අක්ෂි රෝහලේ පසුගිය දින කිහිපයේදී ශල්‍යකර්ම නවතා දමන්න සිදුවුණා. විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන්. එම විෂබීජය විෂබීජහරණය කිරීමෙන් පස්සේ නැවතත් අද දිනයේදී නැවතත් ශල්‍යකර්ම ආරම්භ කිරීමට නියමිතයි. සම්පූර්ණයෙන් අදාළ ඖෂධ වර්ගය ඉවත් කිරීමටත් ඒ වෙනුවෙන් වෙනත් ඖෂධයක් භාවිත කිරීමටත් ශල්‍යකර්ම ඉතාම ආරක්ෂිතව සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව මේ වනවිට තිබෙනවා.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මරදාන ඩීන්ස් පාර වසා දමයි . . .

Mon Apr 24 , 2023
මරදාන, ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. ඊයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සමගාමිව පැවති සංගීත සංදර්ශනයක වේදිකාව ඉදිකිරීම හේතුවෙන් එම මාර්ගය වසා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අදාළ සංගීත ප්‍රසංගය අද අලුයම් කාලය දක්වා පවත්වා තිබෙන අතර , ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x