කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී . . .

දකුණු පළාතේ තිබෙන ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ  සී ටී ස්කෑන් යන්ත්‍ර අක්‍රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය.

රෝහලේ තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙකම මාස ගණනක් තිස්සේ අක්‍රීය වී තිබෙන අතර ඉන් එකක් පමණක් ඊයේ වන විට හදා තිබෙන බවත් එම යන්ත්‍රය  පාවිච්චි කරන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයට පමණක් බවත් කරුණාතිලක කීය.

අනෙක් යන්ත්‍රයත් ඉක්මනින් පිළිසකර නොකළොත් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයත් අපහසුතාවයට පත් වෙන බව  ගයන්ත කරුණාතිලක පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

අප ඒ වගකීම බාර  ගන්නවා.එහි තිබූ ප්‍රශ්නය වන්නේ අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක්.එක යන්ත්‍රයක් යථා තත්ත්වයට පත් කළා. ලබන සිකුරාදා වන විට අනෙක් යන්ත්‍රයත් යථා තත්ත්වයට පත් කරන බව දන්වා තිබෙනවා.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනපතිගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් . . .

Wed Apr 26 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ. 17 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x