ටැන්සානියාවේ සිට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මියයයි . . .

ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකාවට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔහු බේරුවල පදිංචිකරුවෙක් වන අතර මැණික් කර්මාන්තය සඳහා ගොස් නැවත ලංකාවට පැමිණි අයෙක් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි කියා සිටියේ. මියගිය පුද්ගලයා උණ රෝග ලක්‍ෂණ ඇති වී ප්‍රතිකාර ලබාගෙන ඇතත් මැලේරියා පවතින රටක සිට මෙරටට පැමිණි බව ඔහු වෛද්‍යවරයාට පවසා නැති බවත් අනාවරණය වී තිබෙනවා.

මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට මැලේරියා රෝගියකු අවසන් වරට මියගොස් ඇත්තේ 2007 වසරේදී වන අතර 2012 වසරින් පසුව අභ්‍යන්තර මැලේරියා රෝගීන් වාර්තා නොවූ බවයි.

ඒ අනුව ඉන්දියාව, මැඩගස්කරය, ටැන්සානියාව ඇතුළු අප්‍රිකානු රටවල් මෙන්ම, මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් උණ රෝග ලක්‍ෂණ ඇතිව ප්‍රතිකාර ගැනීමට පෙර වෛද්‍යවරයා තමන් පැමිණි රට පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජනයට අවස්ථාව . . .

Wed Apr 26 , 2023
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජනය කිරීමේ සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (26) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන , “දුම්රිය ආදායම වැඩිකිරීම සඳහා දුම්රිය සතුව පවතින විශාල වත්කම් දේපළ ප්‍රමාණයක් තියෙනවා. අක්කර 14,000ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x