මහින්දගේ ගෞරවනීය සමුගැනීම . . .

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  නැවත අගමැති ධුරයට පත්කර ඔහුට ගෞරවනීය සමුගැනීමක් ලබාදීම සඳහා වන සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධානීන් පිරිසක් විසින් පවත්වා ඇත. ඒ අනුව ඉතා කෙටි කලකට මහින්ද රාජපක්ෂ නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට එහිදී යෝජනා වී තිබේ.

කෙසේ නමුත් මෙම සාකච්ඡාව අවසන් එකඟතාවයක් නැති ව අවසන් වී ඇත. මේ අතර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේ මහින්ද රාජපක්ෂ නුදුරේදීම ක්‍රියාකාරී දේශපාලන සමු ගැනීමට තීරණය කර ඇති බවය.

අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශව කිහිපයක් නායකත්වය කිහිපයක් යටතේ කටයුතු කරනු ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ දේශපාලනයේ ඉදිරියට යාමට දැනටමත් සාකච්ඡා කර ඇති බවටත් වාර්තා පල වෙමින් ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදු­ලි­යෙන් දුවන ත්‍රීවීල් හදන සිද්ධ­මුල්ලේ විශ්ව­ක­ර්මයා

Fri Nov 4 , 2022
කැමිලස් පෙරේරා වඩාත් ජනප්‍රිය ‘ගජමෑන්’ කාටුනය නිර්මාණ ශිල්පියා ලෙසය. එහෙත් එහෙව් කැමිලස් හේතුවෙන් මෙරට පෙට්‍රල් අර්බුදයට විසඳුමකට මග පෑදුන බව කිවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. පසුගිය කාලයේ ඇතිවූ ඉන්ධන අර්බුදයේ ප්‍රධාන විත්තිකරුවන් වූයේ ත්‍රිවිල් රියදුරන්ය. තෙල් පෝලිම්වල ඉන්න තරමක් සිටියේ ත්‍රිවිල්ය. අප මේ කියන්නට යන ලංකාවේ ත්‍රිරෝද රථ ‘විදුලියෙන් ක්‍රියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x