ස්ථාන මාරුවට විරෝධය පෑ අජිත් රෝහණ . . .

ස්ථාන මාරු කිරීම පිළිබද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ කිසිදු බලයක් නොමැති බවට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත දැනුම් දී තිබෙනවා.

ලිපියක් මඟින් ඔහු ඒ බව දන්වා ඇති අතර අදාල නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් එහි සඳහන් කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සත් දෙනෙකු පොලිස් කොමිසම විසින් වහාම බලාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ඊයේ (25) නියෝග නිකුත් කරනු ලැබුවා.

එහෙත් එයට එක හෙළා තම විරෝධය පෑ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ලිපියක් මගින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරය්ට පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමේ බලය පවරා ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බවත්ය.

අජිත් රෝහණ සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවයි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී . . .

Wed Apr 26 , 2023
දකුණු පළාතේ තිබෙන ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ  සී ටී ස්කෑන් යන්ත්‍ර අක්‍රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය. රෝහලේ තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙකම මාස ගණනක් තිස්සේ අක්‍රීය වී තිබෙන අතර ඉන් එකක් පමණක් ඊයේ වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x