ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග . . .

පොලිස්  ස්ථානවල  පවතින කල් ඉකුත් වූ  කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) පොලිස්පතිවරයාට   උපදෙස් දුන්නේය.

කඳුළු වායු කිසිවිටකත් පාවිච්චි නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත්  පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීහු එම  කමිටුවට මෙහිදී පෙන්වා දුන්හ. එසේම කඳුළු ගෑස් මහජන කැරලි කෝලහල පාලනයේදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව  යොදා ගැනීම සම්බන්ධයෙන්ද   වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස  කෝපා කමිටු සභාපති  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

මේ අතර   අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට පත්වීමට කාන්තාවන් සදහා අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙලක්  ආරම්භ කර ඇති බව පොලිස් පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙහිදී පැවසීය. ඒ අනුව  කාන්තා පොලිස්පතිවරියක අනාගතයේදී බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇතැයිද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා  රැස්විය.

පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදි විශේෂ අවධානය යොමුවිය. දමිල සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක්  ආරම්භ කර  ඇති බව ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ. එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පන්සලට පැන කාන්තාවන් පිරිසක් භික්‍ෂුවක් දූෂණය කරයි . . .

Fri Apr 28 , 2023
කාන්තාවන් හත් දෙනෙකු විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමකට ලිංගික අතවර කළේ යැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ. සිදුවීමෙන් පසු කාන්තාවන් විහාරස්ථානයේ දොර සහ ගේට්ටු වසා එහි යතුරු රැගෙන ගොස් ඇත. මෙම අතවරයට ලක්වූ හිමි නම රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත. නිකවැරටි කොටවෙහෙර ප‍්‍රදේශයේ වීරදඬාන මෙත්සඳ විහාරස්ථානයේ මෙම සිදුවීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x