නැවතත් අරගලයක් අවශ්‍යයි . . .

මුළු රටම බංකොලොත් වී හොම්බෙන් යන අවස්ථාවක මහලු මිනිහෙකුට ආශ්චර්යය කරන්න ඉඩ දී බලා සිටිය නොහැකි බව වෘත්තිය සමිති හා බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කරයි.

ඒකාබද්ධ මැයි දින රැලිය මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී අමතමින් හෙතෙම මේ බව කියා  සිටියේය. අද වන විට රට පාලනයෙන් ගිලිහී අවසන් බවත් වසර ගණනාවක් තිස්සේ එක එක පාලකයන් විසින් රට පාලනය කළද රටට වූ යහපතක් නැති බවත් ඔහු පැවසීය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් පමණක් සිදුකරන බවත් ඔහු ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු නොවන බවත් හෙතෙම සඳහන් කළේය. රනිල් වික‍්‍රමසිංහ යනු ජාත්‍යන්තරයේ නියෝජිතයෙක් ද රටේ නියෝජතයෙක්දැයි තේරුම් ගත යුතුව ඇති බවත් ඔහු පවසයි.

එනිසා මේ මොහොතේ නැවතත් අරගලයක් අවශ්‍ය බවද පැවසූ ඔහු ඡන්දයට බය නාකි මානවයෙකු රට පරිවර්තනය කරන්න නොහැකි බව දැනගෙන නව දැනුම සමග රට ලෝකයට සම්බන්ධ කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වන්නිලැත්තෝ ඉඩම් අයිතිය ඉල්ලා උසාවි යයි . . .

Tue May 2 , 2023
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය. රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනුකර තිබුණි. මෙම පෙත්සම අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x