වන්නිලැත්තෝ ඉඩම් අයිතිය ඉල්ලා උසාවි යයි . . .

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8 වනදා කැඳවන ලෙසය.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා ඇත්තේ රඹකැන් ඔය ප්‍රදේශයෙහි පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවය.

මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බවත් එබැවින් අදාළ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම නඩුව ගොනුකර තිබුණි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ දවාලේ සිදුකල බිහිසුණු මංකොල්ලය . . .

Tue May 2 , 2023
ඊයේ (01) දහවල් ගල්කිස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුව කොල්ලකා ඇත. එහිදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයා පැළැඳ සිටි පවුම් 28ක් බරැති රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ 02ක පමණ මුදලක් අදාළ සැකකරුවන් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසනවා. තියුණු ආයුධ සමග ගල්කිස්ස පීරිස් පාරේ වෙළෙඳසලකට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර තිබේ. පොලීසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x