ලංකාව බේරාගන්න සෝල්හයිම් එයි . . .

සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් පවසයි.

ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සමග පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් ,

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයෙන් මම ශ්‍රී ලංකාවට පැමිණියේ ආර්ථික අර්බුදය සඳහා හරිත තිරසාර විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමටයි. සුළං හා සූර්ය විදුලිබල ක්ෂේත්‍රවල නව ආයෝජනයන් ගෙන ඒමටත් මම බලාපොරොත්තු වෙනවා.

අද පැවති සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මට දැනුම් දුන්නා පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක්. එහිදී ඉන්දීය සම්භවයක් සහිත මෙරට දෙමළ ජනතාව නැත්නම් උඩරට දෙමළ ජනතාවට සිංහල හා මුස්ලිම් ජනතාව සමග සාමයෙන් ජීවත්වීමට ඇති අභිලාෂයත් ඔහු පැහැදිලි කළා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත්ම ජනකොටස් වන වතුකරයේ ජනතාවට ආහාර ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සැපයීමේ අවශ්‍යතාවයත් මෙහිදී අවධාරණය කෙරුණා. ඉතා දුෂ්කර කාලයක් පසුකරන ශ්‍රී ලාංකික ජනතාව වෙත මගේ සහාය මම පළ කරනවා.

ඔවුන් අතරින් සමහර පිරිස්වලට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබෙන බවත්, දෛනික ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීමටත් සිදුව ඇති බව දැනගන්න ලැබිලා තිබෙනවා. මේ දුෂ්කරතාවලින් මිදෙන මඟක් පිළිබඳව සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන්න මම සූදානම්.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට ජනාධිපතිවරයා දැඩි පරිශ්‍රමයක් දරනවා. චීනය සහ ඉන්දියාව සමගත් එලෙසමයි. මේ හරහා නැවතත් ආර්ථිකය ප්‍රකෘති කිරීමට හැකිවුවහොත් එය සියලු දෙනාටම මීට වඩා හොඳ කාලයක් උදාවේවි’

– Ada derana

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට . . .

Sun Dec 18 , 2022
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ දී ප්‍රංශය පරදවමින් ආජන්ටිනාව තියුණු ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය. තරගයේ නියමිත විනාඩි 90 ක කාලය තුළ දෙපිලම ගෝල දෙක බැගින් වාර්තා කළ නිසා අතිරේක විනාඩි තිහක් ලබාදුන් අතර එහිදීද දෙපිලම එක ගෝලය බැගින් වාර්තා කලේය. අනතුරුව ජය පරාජය තීරණය කිරීම දඬුවම් පහර ලබා දුන් අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x