Perera & Sons ව්‍යාපාරය . . .

වසර 1902 දී කේ.ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුලුස්සන විට තමාගේ මෙම සුළු ව්‍යාපාරය අනාගතයේදී ශ්‍රී ලංකාව පුරාම විසිරී තිබෙන ව්‍යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.

ඔහු පුලුස්සන ලද පාන් ඔහුගේ සහායක ඇන්තනී බාස්ගේ සහාය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදනවල ඇති ගුණාත්මක බව නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස්ම පාරිභෝගිකයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයට පත්වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.

වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්‍යාපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්‍යාපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනාගෙන තිබෙනවා.

වර්තමානයේ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ කේ.ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.

P & S ව්‍යාපාරය ඔවුන්ගේ නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116ක් පුරා ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා.

ගෙයින් ගෙට ගොස් නිෂ්පාදන විකිණීමෙන් ආරම්භ කළ ව්‍යාපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (Catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත.

ඔබටත් මේ වන විට ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳ යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට හැකි නම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්‍ය වන්නේ ඔබේ උත්සාහය සහ ධෛර්යය පමණයි.

  • අනුෂ එස්. පතිරණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

QR කේතය අහෝසි කරයි . . .

Wed May 3 , 2023
කිව් ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අවධාරණය කළා. ඒ අනුව කිව් ආර් කේතය අහෝසි කිරීම හරහා වෙනදා මෙන් තමන්ට අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රමාණයක් හිතේ හැටියට ලබාගැනීමට හැකියාව ලැබේ. මෙලෙස QR කේතය අහෝසි කිරීමට සමගාමීව ඉන්ධන මිල ගණන්ද පෙර පැවති මිල ගණන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x