කැබිනට් ඇමැතිධුර නොදුන්නත් ගැටලුවක් නැහැ . . .

ඇමැතිධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  දැඩි තීරණයක් ගෙන ඇත.

ජනාධිපතිවරයා ඇමැතිධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

කැබිනට් ඇමැතිධුර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් මෙයට පෙර ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම ප්‍රමාද කරමින් සිටින තත්වයක් දක්නට ලැබෙන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

“ඇමැතිධුර දෙනවනම් දෙන්න. නොදුන්නත් ගැටලුවක් නැහැ. අපි අපේ වැඩ ටික කරගෙන යනවා.කොහොම නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ට ලැබුණු පාලන කාලයේ ඉතිරිය කරගෙන යන්න විතරයි” යැයිද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මුලින්ම අයවැයට පෙර ඒ ඇමැතිධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි පවසන එම ප්‍රකාශකයා ඊට පසු නිදහස් දින උත්සවයට ප්‍රථම ඇමැතිධුර දෙන බව සඳහන් කළේ යැයිද පැවසුවේය. එහෙත් ඇමැතිධුර ලබා දීමක් සිදු නොවූ අතර ඊට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසු ඇමැතිධූර ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ඇමැතිධුර ලබාදීම ප්‍රමාද කිරීම පිටුපස වෙනත් යටි අරමුණක් ඇති බව එම පක්ෂය තුළ කතාබහක් පවතින්නේ යැයි වාර්තා වේ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සහල් මිල ඉහළට . . .

Sat May 6 , 2023
  මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සහල් මිලද ඉහළ යමින් පවතින බව පාරිභෝගික ජනතාව පවසති. නාඩු සහල් කිලෝ එකක් රුපියල් 210කුත් කීරි සම්බා කිලෝ එකක් රුපියල් 275කුත් ලෙම තොග වශයෙන් අලෙවි වන අතර එහි සිල්ලර ‍වෙළඳාමේදී නාඩු සහල් රුපියල් 215ත් රුපියල් 220ත් අතර මිලකටත් කීරි සම්බා රුපියල් 280ක මිලකටත් අලෙවි වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x