ගිනි අවියක් නිසා ගුවන්ගමන ප්‍රමාදවේ . . .

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය  සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී ,කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයකු ගුවන් යානයේ ,මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා තිබේ. එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට ,සිය ගිනි අවිය ගුවන් යානයෙන් පිටතට ගෙන යාම සපුරා තහනම් වන අතර,එම ආරක්ෂක නිලධාරීවරයාට ගුවන් යානයෙන් පිටතට යාමට අවශ්‍ය නම් , එම ගිනි අවිය ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුය.

මෙසේ මෙම ඉන්දීය ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා, ඉන්දියාවේ විශේෂ කාර්යය බළකායේ නිලධාරීවරයකු වන අතර , ඔහු සිය ගිනි අවිය ද රැගෙන, මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තය වෙත පැමිණ තිබේ.

එසේ පැමිණි ඔවුන් ආපසු යමින් සිටියදී,  ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයා සන්තකයෙහි පැවති ගිනි අවිය, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයකු දැක ඒ බව ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර , මෙම ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයා , කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ .

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන් තොටුපළ තුළ දී අත් අඩංගුවට පත් වුවහොත් , ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අතර , මෙයට සමගාමී සිදුවීම් කීපයක්ම ඇමෙරිකානු සහ රුසියානු ජාතිකයන් සම්බන්ධයෙන් පසුගිය මාසවල කටුනායක ගුවන් තොටුපළ තුළ දී ඇති වී තිබූ අතර , ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි .

පසුව මෙම සිද්ධියට දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපති කාර්යාල මැදිහත් වීමෙන් මෙම ප්‍රශ්නය දුර දිග නොයවා විසදා ගැනීමට කටයුතු කර තිබුණි .

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තරුණයින් රැවටූ කාන්තාව අත්අඩංගුවට . . .

Sun May 7 , 2023
රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ති‌බේ. කොලොන්න ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් රැඳී සිටිය දී එලෙස අත්අඩංගුවට පත්ව තිබුණි. එම කාන්තාව විසින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් 5දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x