ඉම්රාන් ඛාන් අත් අඩංගුවට . . .

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අද (09) ඔහුව අත් අඩංගුවට ගනු ලැබ ඇත.

තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ඉම්රාන් ඛාන් අත් අඩංව ගුවට ගැනීම තහවුරු කර ඇති අතර පාකිස්තාන ආරක්ෂක අංශ ඔහුව ප්‍රචණ්ඩකාරී ලෙස එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් ඔහු රැගෙන යනු ලැබුවේ හඳුනා නොගත් ස්ථානයකට බවත් එම පක්ෂය චෝදනා කර ඇත.

නඩු විභාගය ආරම්භ වීමට ප්‍රථම ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගත් බවත් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස සිදු කළ බවත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය චෝදනා කර තිබේ.

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමේදී එය ප්‍රචණ්ඩ ලෙස සිදු නොවුණු බවත්  එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගත් බවත් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා ප්‍රකාශ කර ඇත.

ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා 85 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇති බවත් ටොක්ශානා සිද්ධිය ඉන් එක් චෝදනාවක් බවත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසා තිබේ.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග     ටොක්ශානා හි තැන්පත් නොකර ඔහු තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවයි.පාකිස්තාන නීතියට අනුව විදේශ රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා නම් භාණ්ඩාගාරයෙ හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ.

අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුවක් ඉදිරිපත් කරන ඕනෑම අවස්ථාවක තමන් නිහඬව අත් අඩංගුවට පත් වීමට සුදානම් බවත් තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් බල ඇණියක් අවශ්‍ය නොවන බවත් ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණීමට ප්‍රථම ඉම්රාන් ඛාන් වීඩියෝ පණිවිඩයක් පටිගත කරමින් පවසා ඇත.

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට විරෝධතා දක්වන්නන් සියලු දෙනා අත් අඩංගුවට ගන්නා බව ඉස්ලාමාබාද් පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

ඉම්රාන් ඛාන්ව දූෂණ විරෝධී විනිශ්චය සභාවක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේ ඇප ලබා නොගත් වරෙන්තුවක් තිබීම නිසා බවත් එරට ආරක්ෂක අංශ පෙන්වා දී ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු

විඩියෝ දර්ශන – BBC News

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෝහලෙන් පැනගිය සැකකරු . . .

Wed May 10 , 2023
දෙහිවල – රෝහල්පාරේ පිහිටි වායු සමීකරණ යන්ත්‍ර අලු‍ත් වැඩියා කරන ස්ථානයකට අනවසරෙන් ඇතුළු වූ බව පවසමින් පිරිසකගේ පහරකෑමට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයා ඉන් පලාගොස් තිබෙන බව වාර්තා වනවා. මොහු ඇතුළු තවත් අයෙකු ඊයේ (09) අලුයම් කාලයේ මෙම ස්ථානයට ඇතුලු වූ බව පවසමින් පුද්ගලයින් පිරිසක් ඔවුන්ට පහර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x