අරගලය කාලකණ්නි වැඩක් . . .

කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පුළුවන්නම් එන්න කියන්න මගේ ගෙදරට. මම තනියම ඉන්නවා. අරගලය කාලකණ්නි වැඩක් කිව්වම සමහරුන්ට රිදුණා. එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයටයි යනුවෙන් ද ප්‍රසන්න රණතුංග  පැවසීය.

සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන්න, රාජ්‍ය දේපළ විනාශ කරන්න අවශ්‍ය වුනේ නැතැයි ද එහෙම උවමනාවක් තිබුනේ කාළකණ්නින්ට යැයිද අමාත්‍යවරයා කීය.

විපක්ෂයේ අය මිනිස්සු මරන්න උපදෙස් දුන් බවද ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ට විරුද්ධව පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තියෙන අතර  තවම නඩු පවරා නැතැයි ද මේ ගැන හොයා බලන්නැයි  අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලන බව ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිශ්චිත බස් නැවතුම් ස්ථාන ස්ථාපිත කෙරේ . . .

Fri May 12 , 2023
අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පවසයි. එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය. මගීන් බස් රථයට ගොඩකරගැනීම සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x