චොකලට් ලබාදී පාසල් ළමුන් ලුහුබඳියි . . .

තලෙයිමන්නාරම් ප්‍රදේශයේදී පාසල් ළමුන් තිදෙනෙකුට චොකලට් ලබාදී ඔවුන් පසුපස ලුහුබැඳ බවට සැකකෙරුනු වෑන්රථයක සිටි දෙදෙනෙකු (11) තලෙයිමන්නාරම් ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා තලෙයිමන්නාරම් පොලීසියට භාරදී ඇත.

අවුරුදු 15, 12, සහ 09 යන වයස්හි පසුවූ මෙම පාසල් ළමුන් ඊයේ දින පාසල් නිම වී නිවසට පැමිණීමෙන් පසුව උපකාරක පංතියක් සඳහා ගොස් ආපසු නිවසට එමින් සිටින අතරවාරයේදී වෑන් රථයක් පැමිණ නවතා එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් චොකලට් ලබා දී වෑන් රථයට පැමිණෙන ලෙසට පවසා ඇති අතර එම චොකලට් ප්‍රතික්ෂේප කරන ලද ළමුන් තිදෙනා වහාම එම ස්ථානයෙන් දිව ගොස් ඔවුන්ගේ දෙමාපියන්ට මේ බව පවසා ඇතියි වාර්ථා වෙයි.

පසුව දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් අදාල වෑන් රථය ධාවනය වෙමින් සිටියදී නවතා එහි සිටි දෙදෙනා අල්ලා තලෙයිමන්නාරම් පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය.

මේ පිළිබඳව තලෙයිමන්නාරම් පොලීසියෙන් සිදුකරන ලද විමසීමකදී පවසා සිටියේ අදාල වෑන් රථය භාණ්ඩ ව්‍යාපාර සිදුකරමින් සිටි එකක් බවටත් සැකකරුවන් මන්නාරමේ පදිංචි කරුවන් බවටත් ඔවුන් අදාල භාණ්ඩ ප්‍රදේශයෙන් ප්‍රදේශයට අලෙවිකිරීම සිදුකරන බවටද අනාරවනය කරගෙන ඇති බවටය.

වැඩිදුරටත් පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී සැකකරුවන් පවසා ඇත්තේ තමන් එවැනි ලෙසින් ළමුන්ට චොකලට් ලබාදීමක් හෝ ළමුන් සමග කතා නොකල බවටත්ය යනුවෙන්ය.

නමුත් මේ පිළිබඳව ළමුන් දෙමාපියන්ට පවසා ඇත්තේ අදාල පිරිස් තමන්ට චොකලට් ලබා දී එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තමන් පසුපස මදදුරක් ලුහුබැඳ පැමිණි බැවින් තමන් බොහෝ සෙයින් බියට පත්ව නිවසට දිවවිත් තමන්ට පැවසූ බව දෙමාපියන් පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මන්නාරමෙන්ද පොලිස් කණ්ඩායමක් පැමිණ විශේෂ පරික්ෂණයක් සිදුකරන අවසන් තීරණයක් ගෙන නොමැති බවටද තලෙයි මන්නාරම පොලීසිය පැවසීය.

එමෙන්ම මන්නාරමේදී පාසල් ළමුන් පැහැරගැනීම් උත්සහයන් සමබන්ධයෙන් මේ වන විට පොලිස් වසම් මාර්ගයෙන්ද මහජනතාවද දැනුවත් කොට ඇති අතරම පාසලේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමාපියන් විසින්ද සිය දරුවන්ට මේ බව දැනුවත් කොට ඇති බවටත් සියලුම පාසල් ළමුන් තම ප්‍රදේශයන් වෙතට පැමිණෙන නාදුනන පුද්ගලයින් පිළිබඳව මනාසෙයින් කල්පනාකාරීව සිටින බවටත් එයට උදාහරණයක් ලෙසින් ඊයේ (11) දින සිදුවීම් හැඳින්විය හැකි බවටද පොලීසිය පෙන්වා දෙයි.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිමෙන්ති මිල පහලට . . .

Fri May 12 , 2023
ලබන සතියේ සිමෙන්ති මිල අඩු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල දැක්වෙන්නේ රුපියල් 2750ක් ලෙස සටහන් වන අතර ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි සිමෙන්ති නිෂ්පාදකයින් පවසන්නේ. කෙසේ වෙතත්, ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x